ආරක්ෂක සේවා බීච් වොලිබෝල් ශූරතාවය 2018

2018 ජූලි මස 11 හා 12 යන දිනයන්හිදී  ගුවන් හමුදා කටුනායක මූලික කදවුරේදී පැවති 10 වන ආරක්ෂක සේවා බීච් වොලිබෝල් තරගාවලියේ   ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි හා කාන්තා කණ්ඩායම් සමත්විය.

මෙහිදී ගුවන් හමුදා කාන්තා කන්ඩායම නාවික හමුදා කණ්ඩායම 2-1 ලෙස පරාජය කළ අතර පිරිමි කණ්ඩායම 2-0 ලෙස යුධ හමුදාව පරාජය කළේය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කදවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එම් ඩී පී ඒ පායෝ  ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය  ත‍්‍රිවිධ හමුදා නිළධාරීන්ල සෙසු නිළයන්  පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.