ගුවන් හමුදා අන්තර් ඒකක බර ඉසිලීමේ තරඟාවලිය 2018

ගුවන් හමුදා අන්තර් ඒකක බර ඉසිලීමේ තරඟාවලිය 201 ජූලි මස 13 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා එ්කල කඳවුරේදී අවසන් විය. මෙම බර ඉසිලීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා  කටුනායන කඳවුරු රෙජිමේන්තු පක්ෂාංග කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කණ්ඩායම පිළිවෙලින් පිරිමි හා කාන්තා  ශූරතාවය දිනාගැනීමට සමත් වූ  අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කදවුර හා  දියතලාව සටන් පුහුණු පාසල පිළිවලින් පිරිමි හා කාන්තා අනුශූරතාවයන් දිනා ගැනීමට සමත් විය.
    
තවද ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කදවුරේ කෝප‍්‍රල්  විජේතිලක හොඳම බර උසුලන්නා ලෙසද දියතලාව සටන් පුහුණු පාසෙල් නායක ගුවන් කාන්තා අතුකෝරල ඒ එස් කේ හොඳම බර උසුලන්නිය ලෙසද සම්මාන ලැබීය  

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා මෙහෙයුම් භූමි අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ එෆ් ආර් ප්‍රනාන්දු මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා බර ඉසිලීමේ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් ජානක අමරසිංහ ඇතුළු නිලධාරීන් හා සෙසු නිලයන් පිරිසක්ද එක්ව සිටියහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.