සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ පස්වන පාඨමාලාව

සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන්  සම්පූර්ණ කිරීමේ පස්වන පාඨමාලාව 2018 සැප්තැම්බර් මස මැද භාගය වන විට ආරම්භ කිරීමට සූදානම් වන බැවින් එ් සදහා අයදුම්පත් කැදවීම ආරම්භ වී ඇත.

මෙම පාඨමාලාව මගින් සමාජ සදාචාරය, සන්නිවේදන කලාව, රූපලාවන්‍ය ශිල්පය, පෝෂණය සහ පෞද්ගලික ස්වස්ථතාව,  නැටුම්, ඉවුම් පිහුම් ක‍්‍රම හා ඇදුම් මැසීම ආදි අංශ ගනනාවක් ආවර්ණය කරණු ලබයි.

මේ සඳහා ගුවන් හමුදා සේවයේ නියුතු සහ සේවයෙන් විශ‍්‍රාම ගන්නා ලද සේවා පුද්ගලයන්ගේ අ පො ස සාමාන්‍ය පෙළ විභාගය සහ අ පො ස උසස් පෙළ විභාගයන් සම්පූර්ණ කළ දුවණියන් හට අයදුම් කල හැකි අතර සේවා පුද්ගලයින්ගේ නව විවාහක බිරින්දෑවරුන් හා රුපියල් 5000 ක ගාස්තුවකට යටත්ව  සිවිල් කාන්තාවන් සීමිත ගනනකට අයදුම් කළ හැකිවේ.

පාඨමාලාව ආරම්භය -2018 සැප්තැම්බර් 15.
පාඨමාලා කාලය - සති අන්ත 08 ක් (සෙනසුරාදා හා ඉරිදා).
පාඨමාලාව පවත්වන වේලාව - උදෑසන 08.30 සිට සවස 01.30 දක්වා.
ස්ථානය - ගුවන් හමුදා වෘතීය පුහුණු පාසැල, ඒකල.

බදවා ගැනීම් සදහා පහත විස්තර අවශවේ.
 
නම
ලිපිනය
කලත‍්‍රයාගේ තොරතුරු  (අංකය, නිළය හා නම)
සම්බන්ද කරගතහැකි දුරකතන අංකයක්

වැඩි විස්තර සඳහා අමතන්න.

ගෲප් කැප්ටන් ජූඩ් පෙරේරා 0772229117
විංග් කමාන්ඩ ඒ ඒ එස් එස් එන් පීරිස්  0772229375
ස්කොඩ්රන් ලීඩර් චාමිනී ගමගේ 0772229283


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.