රණවිරුවන් අනුස්මරණය කිරීමේ ක‍්‍රිස්තියානි ආගමික දේව මෙහෙය 2018

ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ ක‍්‍රිස්තියානි ආගමික දේව මෙහෙය, අද (2018 ජුලි මස 26 වන) දින සවස තිබිරිගස්යාය ශාන්ත තෙරේ්සා කතෝලික දේවස්ථානයේදී පවත්වන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, නිළධාරීන්, සෙසු නිළයන්, සිවිල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සහ දේශයේ උන්නතිය වෙනුවෙන් දිවිපිදූ ගුවන් විරුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම උත්සවය පස්වරු 4.00 ට පමණ ආරම්භ කරන ලද අතර සියළුම ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් එම කඳවුරු ඒකකයන්හි ධජයන් පූජාසනය වෙත රැගෙන ආශිර්වාද ගන්වන ලදි. අනතුරුව මාතෘභුමියේ ඒකීය භාවය වෙනුවෙන් තම ජීවිතය පූජා කරන ලද ගුවන් හමුදා විරුවන්ගේ නම් ඇතුළත් ලේඛනයක් විදහා දක්වමින් ඔවුන්ට ආශිර්වාද කිරීමද සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.