'පිබිදෙමු පොළොන්නරුව' වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වැඩ නිම කළ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට

 'පිබිදෙමු පොළොන්නරුව' වැඩසටහන යටතේ තෙදිනක් තුළ ජනතා අයිතියට පවරාදීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති 180 අතරින් ව්‍යාපෘති 47 ක් ජනතා අයිතියට පවරා දීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් අගෝස්තු මස 01 දින සිදු විය. මෙම අවස්ථාව සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ද එක්විය.

මෙම ව්‍යාපෘති තුළින් වැඩිම ප‍්‍රතිලාභ හිමිකර දී තිබෙන්නේ රටේ අනාගතය භාර ගැනීමට සිටින දූ දරුවන්ට වීම විශේෂත්වයක් වන අතර  දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් නව පාසල් ගොඩනැගිල්ල හා මැදිරිගිරිය ජාතික පාසැලේ තෙමහල් නව පාසල් ගොඩනැගිල්ල  ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පවරා දෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.