ජීවිත ආරක්ෂක සෙබලුන් විසිර යයි

කඹ මගින් විපතට පත් වූවන් බේරා ගැනීමේ පුහුණු පාටමාලවක් ඊයේ (28) මීගමුව බ්‍රවුන්ස් මුහුදු තීරයේදී අංක 04 හෙලිකොප්ටර් බලඝණය සමග එක්ව මුහුදේ විපතට පත්වූවන් බේරා ගැනීමේ සාර්තක ප්‍රායෝගික පුහුණුවකින් පසු ක්‍රියා කාරී සේවයට එක්විය.

42 යුක්ත වූ මෙම පාඨමාලාවට විශේෂයෙන් තෝරාගත් ගිනි නිවීමේ භටයින් අවිකරුවන් සහ ගුවන් අවිකරුවන් අයත් වූ අතර මොවුන් දින 22 පුහුණුවීම් කටයුතු ගුවන් හමුදා කොළඹ කදවුර සහ කටුනායක ගුවන් හමුදා කදවුරු වලදී සිදුකරන ලදී. ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරී විංග් කමාන්ඩර් රුවන් ජයසිංහ සහ බලඝණ නායක චමිල් හෙට්ටිආරච්චි යටතේ මෙම පුහුණුවීම් කටයුතු සිදුකල අතර බලපන්ති සැරයන් රත්නසේන සහ සැරයන් ප්‍රදීප් කුමාර ද උපදේශක වරුන් ලෙස කටයුතු කරන ලදී.

මෙම පාඨමාලවේ පුහුණුව ලද ගුවන් භටයින්ට ගිනි ගන්නා ගොඩ නැගිලි තුලට ගොඩ බිමින් හෝ ගුවනින් පැමින විපතට පත් වූවන් බේරා ගැනීම, ගං වතුර උවදුරු, නාය යැම් සහ අනෙකුත් ස්වභාවික විපත් වලදී විපතට පත් වූවන් බේරා ගැනීමේ හැකියාව හා ප්‍රථමාධාර පිළිබදව ද මනා පුහුණුවක් මොවුනට ලබා දී ඇත.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.