ඉරණමඩු ගුවන් හමුදා කඳවුර සිය 07 වන සංවත්සරය සමරයි

ඉරණමඩු ගුවන් හමුදා කඳවුර සිය 07 වන සංවත්සරය 2018 අගෝස්තු මස 03 වන දින සමරන ලදී.  මේ හා සමගාමීව පවත්වනු ලැබූ ප‍්‍රජාසත්කාර සේවාවන් අතර ජූලි මස 30 දින මෑතකදී අළුත්වැඩියා කරන ලද ඉරණමඩු වැව් බැම්ම අවට ප‍්‍රදේශයේ රුක් රෝපන වැඩසටහනක් හා අලගපුරම් මහා විද්‍යාලෙය් ශ‍්‍රමදාන ව්‍යාපාරයක්ද ඇතුලත් වේ.

එහිදී කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන්  චමින්ද වික්රක‍්‍රමරත්න මහතා කඳවුෙර් සියලු නිළයන් අමතා සංවත්සරය වෙනුවෙන්  තම සුභාශින්සන පුදකල අතර ක‍්‍රිකට් තරඟාවළියක් හා වොලිබෝල් තරඟාවළියකින් අනතුරුව සියළු නිළයන්ගේ දිවා භෝජන සංග‍්‍රහයක්ද පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.