එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සහකාර අධ්‍යක්‍ෂක තුමිය දකුණු සුඩානයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් ඒකකයේ සංචාරයක

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකණු සුඩානයේ මෙහෙයුම් සහකාර අධ්‍යක්‍ෂක ස්ටෙෆානි ක්ෂීර් මහත්මිය 2018 අගෝස්තු මස 09 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් ඒකකයේ සංචාරයක නිරත විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරී ස්කොඩ්රන් ලීඩර් දමිත් සමරවීර විසින් අධ්‍යක්‍ෂකතුමිය මාර්ග පෙල ඛණ්ඩයක ආචාර මධ්‍යයේ පිළිගන්නා ලදී. නිළධාරී අණදෙන මෙහෙයුම් විසින් සිදු කරන ලද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙපාර්ශවය අතර සුහද කථාබහක් සිදු කරන ලදී.

අධ්‍යක්‍ෂකතුමිය දිවා භෝජන සංග‍්‍රහයකටද සහභාගී වූ අතර ඉන් අනතුරුව දෙපාර්ෂවය අතර සමරු ථලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී. බලඇණි අණදේන නිලධාරීතුමන්ගේ ආරාධනයට අනුව අධ්‍යක්‍ෂකතුමිය විසින් පැළයක් රෝපණය කිරීමද සිදු කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.