ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවුර මගින් රුක් රෝපණ වැඩසටහනක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ආරම්භ කරන ලද රුක් රෝපණ වැඩසටහන් මාලාව අනුව යමින් මඩකලපුව ගුවන් හමුදා කදවුර මගින්  පැල 5000 සිටුවීමේ රුක් රෝපණ  වැඩසටහනක් පසුගියදා උන්නච්චිය, සිප්පිකුලම ප‍්‍රදේශයෙදී පවත්වන ලදී.

දිවයින පුරා තෝරාගත් වනාන්තර කිහිපයක සිදුකරගෙන යනු ලබන වනාන්තර නැවත වගා කිරීමේ ව්‍යාපෘත්යේ ප‍්‍රමුඛ කාරය භාරයක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ඉටුකරනු ලබන අතර එය 2018 මැයි මස  ආරම්භ කරන ලදී.

උන්නච්චිය අඩවි වන නිළධාරී කාර්්‍යාලයේ මගපෙන්විම මත සිදු කරනු ලැබු මෙම රුක් රෝපණ වැඩසටහන සදහා  ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මඩකලපු කදවුරු අණදෙන නිළධාරි විංග් කමාන්ඩ සංජය විතාන මහතාගේ මූලිකත්වයෙන් කදවුරේ නිළධාරින් සහ සෙසු නිළයන් රැසක්  වැඩසටහන සදහා දායකත්වය දක්වන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.