හමුදා සංවාදයේ හයවන සැසිය රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේදී

හමුදා සංවාදයේ හයවන සැසිය රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාර ශ‍්‍රවණාගාරයේදී යුධ,  නාවික, ගුවන් හමුදා සහ ශ‍්‍රී ලංකා පොලිස් නිළධාරීන් 57 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2018 අගෝස්තු මස 09  සහ 10 යන දෙදින තුළ පවත්වන ලදී.

හමුදා සහ පොලිස් නිළධාරීන් සංක‍්‍රමණීය යුක්තිය සහ ප‍්‍රතිසංධාන ක‍්‍රියාදාමයන්හි පුහුණු කිරීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කොට ඇත. මෙම වැඩසටහන ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම මත ප‍්‍රතිසංධාන කාර්යය සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය මගින් සම්බන්ධිකරණය කරනු ලබයි. දේශන සහ ඉදිරිපත් කිරීම් හොඳින් පුහුණුව ලත් ත‍්‍රිවිධ හමුදා සහ පොලිස් නිළධාරීන් විසින් සිදු කරනු ලබයි.

මෙම වැඩසටහන සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සත්කාරකත්වය දරණ ලද අතර විංග් කමාන්ඩර් මාලිංග සිල්වා විසින් සම්බන්ධිකරණය කරන ලදී. මෙම වැඩසටහනෙහි හත්වන සැසිය 2018 අගෝස්තු මස 20 සහ 21 යන දෙදින තුළ කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන් වීව් උත්සව ශාලාවේදී පැවැත්වීමට නියමිත වෙයි.

a

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.