ගුවන් හමුදා පෙර පාසල් ගුරුවරුන් සඳහා ඉංග‍්‍රීසි භාෂා කුසලතා සංවර්ධන වැඩසටහන - 2018

ගුවන් හමුදා පෙර පාසල් ගුරුවරුන් සඳහා ඉංග‍්‍රීසි භාෂා නිපුණතා සංවර්ධන වැඩසටහන 2018 අගෝස්තු 15 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ පැරණි ශ‍්‍රවණාගාරයේදි පැවැත්විණ. ගුවන් හමුදා සුබසාධන අධ්‍යක්ෂකය  සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

මෙම වැඩමුළුව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආර් චන්ද‍්‍රසෝම මහතා විසින් පවත්වන ලදී. දේශන මෙන්ම සාකච්ඡාවන් ද ඇතුළත් වූ මෙම වැඩමුලුවට සහභාගී වූවන් සඳහා රසවත් හා අර්තවත් තොරතුරු රැුසක් සහ මෙය නව අත්දැකිමක් ද විය. නවීන ඉගැන්වීමේ ක‍්‍රමශිල්ප භාවිතය පිළිඹද පෙර පාසල් ගුරුවරුන් උනන්දුවක් දැක්විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.