සේවා වනිතා ඒකකයෙන් විශේෂ පරිත්‍යාග රැසක්

ගුවන් හමුදා සේවා සහ සිවිල් පුද්ගලයන් විසින් සිදුකරන ලද විවිධ ඉල්ලීම් සලකා බලමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින් අත්‍යාවශ්‍ය ඉල්ලීම් කිහිපයක් සඳහා පරිත්‍යාගයන් සිදුකිරීම පසුගිය අගෝස්තු මස 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.


මෙහිදී ගුවන් හමුදා කොළඹ කඳවුරේ සිවිල් සේවක ෆර්ඩි පෙරේරා මහතා හට අතේ ගෙන යාහැකි මහන මැෂිමක්, එසේම ගුවන් හමුදා කොළඹ කඳවුරේ සිවිල් සේවක පැතුම් චන්දිම මහතා හට ජුකී මහන මැෂිමක් පරිත්‍යාග  කරන ලදී.

එසේම කෙහෙලෝවිටගම මහා විද්‍යාලයේ ගෘහ විද්‍යා අංශය වෙත භාණ්ඩ කිහිපයක් පරිත්‍යාග කිරීමද සිදු කරන ලදී එහිදී, ප්‍රෙෂර් කුකර් 01, මික්‍ෂර් 01, රයිස් කුකර් 01 සහ භ්ලෙන්ඩර් 01 ක් පරිත්‍යාග කරන ලදී.

එසේම මියගිය සැරයන් කුලතුංග ගේ දරුවන් හට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමසිදු කරන ලදී. එම ශිෂ්‍යත්ව ඔහුගේ බිරිඳ වන රංජනී කුලතුංග මහත්මිය සහ දරුවන් හට ප‍්‍රදානය කරන ලදී.

කේඑම්ඩීඩීබී කුලතුංග (පුතා)
කේඑම්එස්බී කුලතුංග (පුතා)
කේඑම්ඩීඑස් කුලතුංග (දුව)

එසේම විශ‍්‍රාමික ගුවන් කාන්තා සැරයන් කුමාරි ඩබ්එම්එස් ගේ දුව හට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමද මෙහිදී සිදු කරන ලදී.

ඩීඑම්වීආර් දිසානායක (දුව)

එසේම ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ඩබ්එම්පීබී වීරසුන්දරගේ පියා (ආබාධිත) හට රෝද පුටුවක් පරිත්‍යාග කිරීමද සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.