අන්තර් ඒකක ටයිකොන්ඩෝ ශූරතාවය 2018

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ටයිකොන්ඩෝ තරඟාවළිය පසුගිය 2018 සැප්තැම්බර් මස 12 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. එහිදී කාන්තා පිරිමි ශූරතා ද්විත්වයම දිනා ගැනීමට කටුනායක ගුවන් හමුදා කඳවුරු 26 වන රෙජිමේන්තු පක්‍ෂාංගය සමත්කම් දක්වන ලදී.

එහි කාන්තා සහ පිරිමි අනුශූරතාවයන් ද්විත්වයම එකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වියිස් මාර්ෂල් එච්එම්එස්කේබී කොටකදෙණිය මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදා ටයිකොන්ඩෝ සංචිත සභාපති එයාර් වයිස් මාර්ෂල් එම්ආර්කේ සමරසිංහ, නිලධාරීන් සෙසු නිළයන් ඇතුළු රැුසක් මෙම අවස්ථාවට එක්වූහ.

විශේෂ කුසලාන

දක්‍ෂතම ක‍්‍රිඩකයා -  නායක ගුවන් භට හරිස්චන්‍ද‍්‍ර ඊපීඑම්ඊ (කටුනායක ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු පක්‍ෂාංගය)
දක්‍ෂතම කාන්තා ක‍්‍රීඩිකාව - ගුවන් කාන්තා නානායක්කාර එන්එස්ආර්ආර්පී (ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල)

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.