ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රථම ස්වයිංක‍්‍රීය වාහන සේදීමේ යන්ත‍්‍රාගාරය ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉදිකරන ලද පළමු ස්වයංක‍්‍රිය වාහන සේදීමේ යන්ත‍්‍රාගාරය විවෘත කිරීම ගුවන් හමුදාධපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පසුගිය 2018 සැප්තැම්බර් මස 21 වන දින ගුවන්පුර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වාහන නඩත්තු කිරීමේ අංගනයේදී සිදු කරන ලදී. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ජ්‍යේෂ්ඨ නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම යන්ත‍්‍රය  “Autoequip – Fly25”   යන නමින් හඳුන්වනු ලබන අතර මෙය සම්පූර්ණයෙන්ම ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වෙමින් වාහන පිටත සහ යට සේදීම සිදුකරනු ලබයි. මෙය ඉතාලියේ නිෂ්පාදනයක් වන අතර වාහන සේදීම සඳහා භාවිතා කරනු ලබන ජලය නැවත් වතාවක් ස්වයංක‍්‍රියව පිරිසිදු වී වාහන සේදීම සඳහා භාවිතා කිරීමට ඇති හැකියාව මෙහි ඇති සුවිශේෂීත්වයකි.

මෙම යන්ත‍්‍රාගාරය ඉදිකිරීමේ අදහස වත්මන් ගුවන් හමුදාධිපතිතුමන් 2015 වසරේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක වශයෙන් කටයුතු කරනු ලබන වකවානුවේ සිදු කරන ලද සංචාරයකදී ඉදිරිපත් වූවකි. මෙමගින් දිනකට වාහන 60 ක්පමණ සේදීමේ හැකියාව ඇත.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.