හෙලිටුවර්ස් තාක්‍ෂණික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ තෙවන කණ්ඩායම පුහුණුව අවසන් කරයි

හෙලිටුවර්ස් තාක්‍ෂණික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ තෙවන කණ්ඩායම වෙත සහතිකපත් ප‍්‍රදානය කිරීමේ උත්සවය පසුගිය 2018 ඔක්තොම්බර් මස 06 වන දින ඒකල ගුවන් හමුදා කඳවුරේ හෙලිටුවර්ස් තාක්‍ෂණික පුහුණු පාසලේදී පැවැත්විණි.

ගුවන් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම්ඩී රත්නායක මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී ගුවන් යානා නඩත්තු පිළිබඳ මූලික පුහුණු පාඨමාලාව 2015 සැප්තැම්බර් මස 17 සිට 2017 සැප්තැම්බර් මස 25 දක්වා පැවැත්වුනු අතර එම් ඒ 60 ගුවන්යානා යොදා ගනිමින් ප‍්‍රායෝගික නඩත්තු ක‍්‍රියාකාරකම් පුහුණු 2017 නොවැම්බර් මස 01 දින සිට 2018 අප‍්‍රියල් මස 30 දක්වා රත්මලාන ගුවන් හමුදා කදවුරේදී සිදුකරන ලදී.

සිසුන් 18 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමෙන් පාඨමාලාවේ ප‍්‍රථම ස්ථානය දිනාගනු ලැබුවේ එස් ඒ ඒ ලියනගේ සිසුවාය. න්‍යායාත්මක අතින් ප‍්‍රථම ස්ථානය දිනාගනු ලැබුවේ යූ එල් ඩී එස් කරුණාරත්න සිසුවියයි.

විදුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් කේ ඒ ආර් රණතුංග මහතා, ගුවන් හමුදා තත්ත්ව පාලන ඒකකයේ අණදෙන  නිලධාරි එයාර් කොමඩෝර් ටීඩීආර් සේනානායක මහතා ගුවන් යානා ඉංජීනේරු පක්ෂාංගයේ අණදෙන නිළධාරී හා සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.