ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම සහ නර්තන කණ්ඩායම සාර්ථක ඉන්දීය සංචාරයකින් අනතුරුව නැවත පැමිණෙයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම සහ නර්තන කණ්ඩායම ඉන්දීය ගුවන් හමුදා දින සංවත්සරයට සහභාගි වීම පිණිස පසුගියදා ඉන්දීය සංචාරයක නිරත වූ අතර අති සාර්ථක සංචාරයකින් අනතුරුව 2018 ඔක්තෝම්බර් මස 07 වන දින නැවත දිවයිනට පැමිණියහ.

ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්ද‍්‍ර සිං දනෝආ මහතා අවසන් වරට ශ‍්‍රී ලංකාවේ සංචාරය කල අවස්ථාවේ ගුවන් තූර්ය වාදක කණ්ඩායමේ සහ නර්තන කණ්ඩායමේ දක්‍ෂතාවයන් දැක ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙම කණ්ඩායම් ඉන්දීය සංචාරයේ නිරත විය.

නිළධාරීන් 6 දෙනෙකුගෙන්? ගුවන් භටයින් 39 දෙනෙකුගෙන් සහ ගුවන් කාන්තාවන් 18 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම ජොර්හට්, බංග්ලූර්, නාග්පුර්, ජේදාපුර්හි සංදර්ශන හතරක් සහ නව දිල්ලියේ සංදර්ශන දෙකක් වශයෙන් සංදර්ශන හයක් ඉදිරිපත් කරන ලදී.

නවදිල්ලියේ දී ඉදිරිපත් කරන ලද සංදර්ශනයේදී අනභිබවනීය ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් පෞද්ගලිකවම සිය ප‍්‍රශංසාව කණ්ඩායම වෙත පිරිනමන ලදී. මීට අමතරව, ඉන්දීය ගුවන් හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් සහ සිවිල් ආරාධිත අමුත්තන් විසින් අනෙකුත් නගර වල පැවිති සංදර්ශනයන් නැරඹීමට එක් වූහ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නිවේදක ඉතිහාසය අළුත් කරමින් ස්කොඩ්රන් ලීඩර් රධික රණවීර විසින් සියළුම සංදර්ශනයන්හි නිවේදන කටයුතු සිදු කරන ලදී.

දින 12 කින් සමන්විත වූ මෙම සංචාරය සදහා ඉන්දීය ගුවන් හමුදාව විසින් සියළුම අනුග‍්‍රාහකත්වය සපයන ලදී. තවද නාග්පූර්හිදී ඉදිරිපත් කරන ලද සංදර්ශනය ”ප්‍රොසවුන්ඩ් සිසිටම්”  ෆේස්බුක් පිටුවෙහි නැරඹිය හැක.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.