වාස්තු විද්‍යඥ ජයනාත් සිල්වා මහතා කුසලතා සම්මානයෙන් පිදුම් ලබයි


ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල කදවුරේ ඉදිකර ඇති රණවිරු අනුස්මරණ ගොඩනැගිල්ලේ නිර්මාන සැලසුම සඳහා වාස්තු විද්‍යඥ ජයනාත් සිල්වා මහතා ශී‍්‍ර ලංකා වාස්තු විද්යාඥයින්ගේ ආයතනය විසින් කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවේ පසුගිය ඔක්තෝම්බර් 13 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති වාස්තු විද්යාඥයින්ගේ සම්මාන ප‍්‍රධානෝත්සවයේදීය.

මෙම අවස්ථාව සදහා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවූයේ 2016 දී බංග්ලාදේශ අගා - ඛාන් සම්මානයෙන් පිදුම් ලැබූ වාස්තු විද්‍යාඥ මරීනා ටැබේසම් ය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම්ආර්කේ සමරසිංහ මහතා ඇතුළු ගුවන් හමුදා වාස්තු විද්‍යාඥයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය. 

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.