අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බළගණය සිය 09 වැනි සංවත්සරය සමරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක 06 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය සිය 09 වන සංවත්සරය 2018 ඔක්තෝම්බර් මස 15 වන දින සමාජ, ආගමික සහ ක‍්‍රීඩා කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් සමරන ලදී.

අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බළගණය 2009 ඔක්තෝම්බර් මස 15 වන දින ස්ථාපිථ කරන ලද අතර මෙම බලඝණය විසින් ජාතික ගුවන් ආරක්ෂක ජාලයට අතිවිශාල දායකත්වයක් ලබා දී තිබේ.

අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බළගණ අනදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් ඩී එල්ආර්කේ දොඩම්ගොඩ නිළධාරී තුමන්ගේ අධීක්ෂනය යටතේ සිය 09 වන සංවත්සරය සමරූ බලඝණය විසින් චීන වරාය "සමුද‍්‍රසන්න විවේචකාරාම" පන්සල මූලික කරගනිමින් ශ‍්‍රමදාන වැඩසටහනක් ක‍්‍රියාත්මක කරණ ලදී. තවද මීට සමගාමීව වෙල්ලයිමානල් ග‍්‍රාමෝදය වෛද්‍ය මධ්‍යස්ථානයේදී ගර්භනී මාතාවන් 60 දෙනෙකු සදහා ආහාර පාර්සල් බෙදාදීමක්ද, මොරවැව උතුර පාසල් පුස්ථකාලය සදහා පොත් හා කබඩ් ප‍්‍රධානයක්ද සිදුකරණ ලදී.

 බලඝණයේ සියළුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්  සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරඟාවළියකින් සංවත්සර සැමරුම සමාප්ත කරන ලදී.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.