අන්තර් ඒකක ස්කොෂ් තරඟාවළියේ ජය කොළඹ කඳවුරට

කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර විසින් 2018 ගුවන් හමුදා අන්තර් ඒකක ස්කොෂ් තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට දසුගියදා සමත් විය. තරඟාවළිය 2018 ඔක්තෝම්බර් මස 16 වෙනි දින කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. රත්මලාන ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණ පක්‍ෂාංගය අනුශූරතාවය දිනා ගන්නා ලදී.

එයාර් කොමඩෝර් ආර්ඒයූපී රාජපක්‍ෂ, එයාර් කොමඩෝර් එස්සීකේ පල්ලෙවෙල, ගෲප් කැප්ටන් ඩීආර්ඩබ් ජයවර්ධන, ගෲප් කැප්ටන් එච්යූ වීජේවීර, බලපන්ති සැරයන් ඒකනායක, කෝප‍්‍රල් විදුරංග සහ නායක ගුවන් භට ගුණරත්න ජයග‍්‍රාහී කොළඹ කඳවුරු කණ්ඩායම නියෝජනය කරන ලදී.

ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා ස්කොෂ් සංචිත සභාපති එයාර් කොමඩෝර් එස්ඩී කොටගේ, නිලධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

පිරිමි අවු 35 ට වැඩි, පිරිමි අවු 45 ට වැඩි, විවෘත පිරිමි, ආධුනික පිරිමි, සහ ආධුනික කාන්තා වහයෙන් අංශ පහක් යටතේ තරඟාවළිය පවත්වන ලදී.

පිරිමි 35 ට වැඩි
ශූරතාවය - වින්ග් කමාන්ඩර් කේඒඒඑස්කේ මුනසිංහ (රත්මලාන ගුවන් හමුදා කඳවුර)
අනු ශූරතාවය - එස්. වසන්ත මහතා (රත්මලාන ගුවන් හමුදා කඳවුර)

පිරිමි 45 ට වැඩි
ශූරතාවය - ගෲප් කැප්ටන් ඩීආර්ඩබ් ජයවර්ධන (කොළඹ ගුවන් හමුදා කඳවුර)
අනු ශූරතාවය - එයාර් කොමඩෝර් ආර්ඒයූපී රාජපක්‍ෂ (කොළඹ ගුවන් හමුදා කඳවුර)

විවෘත පිරිමි
ශූරතාවය - කෝප‍්‍රල් වික‍්‍රමසිංහ (දියතලාව සටන් පුහුනු පාසල)
අනු ශූරතාවය - ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එස්ඒආර්එසයූ බන්ඩාර (වන්නි රෙජිමේන්තු පුහුණු පාසල)

ආධුනික පිරිමි
ශූරතාවය - නායක ගුවන් භට ගුණරත්න ඒපීබීඑස්එස් (කොළඹ ගුවන් හමුදා කඳවුර)
අනු ශූරතාවය - බලපන්ති සැරයන් ඒකනායක (කොළඹ ගුවන් හමුදා කඳවුර)

ආධුනික කාන්තා
ශූරතාවය - නායක ගුවන් කාන්තා ප‍්‍රනාන්දු එල්ජීඩීඩබ් (චීනවරාය විද්‍යාපීඨය)
අනු ශූරතාවය - නායක ගුවන් කාන්තා ගජනායක ඩබ්ජීජීපී (චීනවරාය විද්‍යාපීඨය)

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.