කොග්ගල ගුවන් හමුදා කඳවුර සිය 34 වන සංවත්සරය සමරයි

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර සිය 34 වැනි සංවත්සර දිනය 2018 ඔක්තෝබර් 19 දින සමාජීය ආගමික සහ කි‍්‍රඩා කටයුතු වලට මුල්තැන දෙමින් සමරනු ලැබීය.

සංවත්සර දිනයට සමගාමීව හබරාදුව පොදු සුසාන භූමියේ ශ‍්‍රමදාන ව්‍යපාරයක් ද හබරාදුව දුම්රිය නැවතුම පිරිසිදු කිරීමක්ද වෙල්හේන්ගොඩ වැඩිහිටි නිවාසය හා කොග්ගල වෙරළ තීරය පිරිසිදුකිරීමේ වැඩසටහනක්ද පැවැත්වූ අතර භික්ෂූන් වහන්සේලා 34 නමක් උදෙසා දානමය පිංකමක්ද සර්වරාත‍්‍රීක පිරිත් දේශනයක් ද කදවුරේ සියළුම සාමාජික සාමාජිකාවන්ගේ හා ගම්වැසියන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

අනතුරුව සංවත්සර සැමරුම අවසන් කරමින් කදවුරු පරශ‍්‍රයේ පැළ සිටුවීමේ වැඩසටහනක් සහ කදවුරු සේවා සහ සිවිල් පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් සැහැල්ලු පන්දු කි‍්‍රකට් තරගාවලියක් සංවිධානය කරන ලදි. 


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.