ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද 10 වන සහ 11 වන නිවාස ප‍්‍රදානය කෙරේ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය යටතේ සාදා නිම කරන ලද දහවන සහ එකොලොස්වන නිවාස ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සැරයන් ගුණතිලක (ආබාධිත) සහ නායක ගුවන් භට වීරසිංහ ඩබ්ඒඩීඑන් (මියගිය) ගේ පවුල හට ප‍්‍රදානය කරන ලදී. ඉදි කරන ලද නව නිවාස ප‍්‍රදානය කිරීම පිලැස්ස ප‍්‍රදේශයේදී සහ කවිසිගම ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

ඉදිකරන ලද නිවාස ද්විත්වය සඳහාම අරමුදල් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සපයන ලද අතර ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ කටුනායක ගුවන් හමුදා කඳවුර මගින් සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතීන් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ආර්කේ සමරසිංහ, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායෝ, නිළධාරීන්, සෙසු නිලයන් සහ සේවා වනිතා ඒකකයේ නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවටද සහභාගී වූහ.

සැරයන් ගුණතිලක (ආබාධිත)



නායක ගුවන් භට වීරසිංහ ඩබ්ඒඩීඑන් (මියගිය)


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.