ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ බෞද්ධ ආගමික පූජෝත්සවය මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේදී

තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා දිවිපිදූ හා අතුරුදහන්වු ගුවන් හමුදා රණවිරුවන් සිහිකිරිම මෙන්ම සකි‍්‍රය සේවයේ යෙදී සිටින සේවා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ආශිර්වාද කිරීමේ බෞද්ධආගමික පූජෝත්සවය 2018 ඔක්තෝම්බර් මස 22 හා 23 දිනයන්හීදී මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ
සහභාගීත්වයෙන් පැවැත්විණ.

මෙම බෞද්ධ ආගමික උත්සවය යුධ සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය සියලූම රණවිරුවන් සිහිකිරීමේ අරමුණින් ගුවන් හමුදා සුභසාධක අධක්ෂක කාර්්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

මෙම බෞද්ධ ආගමික උත්සවයේ ප‍්‍රථම දිනය වු 2018 ඔක්තෝම්බර් මස 22 වන දින සවස ගිලන්පස බුද්ධ පූජාවක් පැවැත්වු අතර 23 වන දින අමුතු මුලූතැන් බුද්ධ පූජාවක් සහ මහා සංඝරත්නය උදෙසා අස්ඨපරිස්කාරක සපිරිකර සාංඝීක මහා දානයඬක් ද පිරිනමන ලදි.

මෙම ආගමික උත්සවය සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදාවේ ජේ්‍යෂ්ඨ නිළධාරීන් හා කදවුරු / ඒකක නියෝජනය කරමින් විවිධ වෘත්තීන් වල ගුවන් භටයින් පිරිසක් ද මියගිය රණවිරු පවුල්වල සාමාජිකයින් පිරිසක් ද සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.