ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරඟාවලිය - 2018

13 වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරඟාවළිය පසුගිය 2018 ඔක්තෝම්බර් මස 20 වන දින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 300 කට අධික ප‍්‍රමාණයක සහභාගීත්වයෙන් ආරම්භ වී  2018 ඔක්තෝම්බර් මස 27 වන දින රත්මලාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ස්කොෂ් ක‍්‍රීඩා සංකීර්ණයේදී අති සාර්ථක අයුරින් නිමාවට පත්විය.

රවිඳු ලක්සිරි සහ  ෆතූම් ඉස්සඩීන් පිළිවෙලින් විවෘත පිරිමි සහ කාන්තා ශූරතාවයන්  දිනා ගැනීමට සමත් විය.

මෙහිදී වයස අවු 9 න් පහල, අවු 13 න් පහල, 15 න් පහල, 17 න් පහල සහ 19 න් පහල, 35 න් ඉහල, 45 ඉහල සහ 50 ඉහල වයස් කාණ්ඩයන් යටතේ තරඟාවලිය පවත්වන අතර කාන්තා සහ පිරිමි විවෘත යන අංශ යටතේද තරඟ පවත්වන ලදී.

ගුවන් හමුදා මෙහෙයුම් භූමි  අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා ස්කොෂ් සංචිතයේ සභාපති එයාර් කොමඩොර් එස් ඩී කොටගේ, රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩොර් ආර්එස් වික‍්‍රමරත්න,  ශ‍්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපති එයාර් කොමඩෝර් අජිත් අබේසේකර (විශ‍්‍රාමික) සහ ගුවන් හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.