ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ඒකල ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසලේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2018 ඔක්තෝම්බර් මස 29 වන දින පවත්වන ලදී. කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්ජේආර් පෙරේරා විසින් අණදෙන ලද පරීක්‍ෂණ පෙළපාලිය ගුවන් හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී.

මෙහිදී,

බලලත් නිළධාරී ආර්ඒජේ කරුණාසිරි
බලපන්ති සැරයන් දිසානායක ඩීඩීඒපී
බලපන්ති සැරයන් ජයවීර ජේඒඒඑස්
කෝප‍්‍රල් ප‍්‍රසන්න ආර්එම්සී
නායක ගුවන් භට ප‍්‍රියදර්ශන කේඒඩීඑම්ටී

හට ඔවුන් දක්වන ලද සුවිශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කරන ලදී.

පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු දිවා සුරැුකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමද සිදු කරන ලද අතර ඒකල වෘත්තීය පුහුණු පාසල් පරිශ‍්‍රයේ සියළු ස්ථාන සිය පරීක්‍ෂණයට ලක් කරන ලදී.

පරීක්‍ෂණය අවසානයේදී සියළු නිළයන් ඇමතීමට පෙර ගුවන් හමුදාධිපතිතුමන් විසින් ත‍්‍රි භාෂා ඉගැනුම් වෙබ් පිටුව විවෘත කිරීමද සිදු කරන ලදී.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන්  කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශිෂ්ට දායකත්වය අගයමින් සියළු නිළයන්  අමතන ලදී.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.