ගුවන් යානා ඉංජිනේරු, ගුවන් නිරීක්‍ෂණ සහ ගුවන් ප‍්‍රහාරක පාලක නිළ ලාංඡන පළඳවයි

එක් ගුවන් යානා ඉංජිනේරු නිලධාරීවරයෙකු හා ගුවන් යානා ඉංජිනේරු සැරයන්වරයෙකු, ගුවන් නිරීක්‍ෂන ගුවන් භටයින් 5දෙනෙකු සහ ගුවන් මෙහෙයුම් නිලදාරීන් 5 දෙනෙකු හට ගුවන් යානා ඉංජිනේරු,  ගුවන් නිරීක්‍ෂණ සහ ගුවන් ප‍්‍රහාරක පාලක නිළ ලාංඡන පැළඳවීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතින් 2018 ඔක්තෝම්බර් මස 30 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

එම්අයි 17 හෙලිකොප්ටර් යානා ආශ‍්‍රිතව තම පුහුණුව නිම කිරීමෙන් පසු ගුවන් යානා ඉංජිනේරුවන් හට සිය නිල ලාංඡන ප‍්‍රදානය කරන ලදී. ගුවන් නිරීක්‍ෂණ ගුවන් භටයින් හට බීච් ක‍්‍රාෆ්ට් ගුවන් යානය ආශ‍්‍රිතව සිය පුහුනුව නිම කිරීමෙන් පසු නිල ලාංඡන ප‍්‍රදානය කරන ලද අතර ගුවන් ප‍්‍රහාරක පාලන නිළධාරීන් ඉන්දියාවේ සහ බංගලාදේශයේ සිය ගුවන් ප‍්‍රහාරක පාලන පාඨමාලාවන් සම්පූර්ණ කිරීමෙන් අනුතුරුව නිළ ලාංඡන ප‍්‍රදානය කරන ලදී.

ගුවන් යානා ඉංජිනේරු නිල ලාංඡන හිමිකරුවන්

ෆ්ලයං එෆිසර් කේඑම්එසසීබී සෙනෙවිරත්න
බලපංති සැරයන් විජේකෝන් ඩබ්ඒඩී

ගුවන් නිරීක්‍ෂණ නිළ ලාංඡන හිමිකරුවන්
සැරයන් ආරියරත්න එච්ජීආර්අයි
කෝප‍්‍රල් චන්ද‍්‍රපාල බීඩබ්එන්සීකේකේ
කෝප‍්‍රල් මදුහංක ඩබ්අයි
කෝප‍්‍රල් සුරවීර කේජීඑස්ටී
නායක ගුවන් භට සමින්ද එම්කේ

ප‍්‍රහාරක පාලන  නිළ ලාංඡුන හිමිකරුවන්

ස්කොඩ්රන් ලීඩර් බීඩීපී ජයරත්න
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ජීකේඒඩී රාජපක්‍ෂ
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් කේඒඩීඑස් අතුරුගිරිය
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ඩබ්ජීඩබ්එම්එස්කේඒ වීරකෝන්
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ආර්පීඑන්එස් පතිරන


ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එස්කේ පතිරන, ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එප්ඩී රත්නායක, විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් කේඒඑල් රනතුංග සහ විධායක ගුවන් ගමන් පාලන නිළධාරී එයාර් කොමඩෝර් එස්කේ පල්ලලෙවෙල මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.