ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 2018 වසරේ හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන අනුශූරතාවය දිනාගනියි

ශ‍්‍රී ලංකා මහජන මුදල් ගණකාධිකාරීවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු අංශය සඳහා දෙවන හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමත්විය. සම්මාන උළෙල 2018 ඔක්තෝම්බර් මස 29 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පවත්වන ලදී.

විශ්ව විද්‍යාල, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය අංශයේ විවිධ ආයතන මේ සඳහා ඉදිරිපත් වී තිබිනි.

ශ‍්‍රි ලංකා ගුව් හමුදාව දෙපාර්තමේන්තු අංශයේ දෙවන ස්ථානය හිමිකරගනු ලැබූ අතර, ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඒඑම්ද සොයිසා, විධායක අභ්‍යන්තර විගනන නිළධාරී විංග් කමාන්ඩර් ආරආර් සෝමතිලක මේ අවස්ථාවට සහභාගී විය. 2018 ඔක්තෝම්බර් මස 30 වන දින  විධායක අභ්‍යන්තර විගනන නිළධාරී විංග් කමාන්ඩර් ආරආර් සෝමතිලක විසින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා වෙත සම්මානය බාරදීම සිදුකරන ලදී.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.