අන්තර් ඒකක කැරම් ශූරතාවළිය 2018

2018 අන්තර් ඒකක කැරම් තරඟාවළිය 2018 ඔක්තෝම්බර් මස 30 වන දින කොලඹ සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය. එහිදී කොලඹ ගුවන් හමුදා කඳවුර සහ ඒකල ගුවන් හමුදා න්‍ෘත්තීය පුහුණු පාසල පිළිවෙලින් කාන්තා සහ පිරිමි ශූරතාවයන් දිනා ගන්නා ලදී.

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර සහ කොළඹ ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් කාන්තා සහ පිරිමි අනුහුරතාවය හිමිකර ගන්නා ලදී. ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ ායක ගුවන්  භට ජීවන් සහ කොළඹ ගුවන් හමුදා කඳවුරේ කෝප‍්‍රල් අත්තනගොඩ පිළිවෙලින් දක්‍සතම ක‍්‍රීඩකයාට සහ ක‍්‍රිඩිකාවට හිමි සම්මාන දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ආර්කේ සමරසිංහ මහතා ප‍්‍රදාන ආරාදිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහබාගී විය. ගුවන් හමුදා කැරම් සංචිත සභාපති ගෘාප් කැප්ටන් විටීඑස් සිරිමාන්න, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.