අන්තර් ඒකක මල්ලවපොර තරඟාවළිය 2018

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කී‍්‍රඩා සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 2018 අන්තර් ඒකක මල්ලවපොර තරඟාවළිය පසුගිය 2018 ඔක්තෝම්බර් මස 31 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී නිමාවට පත්විය. එහිදී වන්නි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල සහ චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

කොළඹ ගුවන් හමුදා කඳවුර සහ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවය දිනාගන්නා ලදී.

ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඒඊඩබ් විජේසූරිය ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා මල්ලවපොර සංචිත සභාපති එයාර් වයිස් මාර්ෂල් ඩබ්එම්කේඑස්පී වීරසිංහ, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

දක්‍ෂතම තාක්‍ෂණික මල්ලවපොර කී‍්‍රඩකයා
නායක ගුවන් භට තුෂාර ඒඩබ්එම්එම් - කටුනායක ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු පක්‍ෂාංගය

දක්‍ෂතම තාක්‍ෂණික මල්ලවපොර කී‍්‍රඩිකාව
කාන්තා කැඩෙට් නිළධාරිනී මධුෂිකා ඊඒඑන් - චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.