ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර සිය 36 වන සංවත්සර දිනය සමරයි

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අණදෙන නිළධාරී තුමන්ගේ  මගපෙන්වීම යටතේ 2018 නොවැම්බර් මස 09 වන දින සිය 36 වැනි සංවත්සරය සමරනු ලැබීය. මෙම සංවත්සර සැමරුම සදහා කදවුරේ සියලුම නිලධාරීන් සෙසු නිලයන් මෙන්ම සිවිල් කාර්ය මණ්ඩලයද එක්ව සිටියහ.

සැමරුම් දින පෙළපාලිය විංග් කමාන්ඩර් ඩබ්ලිව් ඩබ්ලිව් එන් ටී පී ප‍්‍රනාන්දු මහතා විසින් පරීක්ෂාවට ලක්කෙරුණු අතර සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් දිවා ආහාරයක්ද සංවිධානය කරන ලදී.

මෙහිදී නෙවැම්බර් මස 07 හා 08 යන දෙදින තුල සරණ සෙවන බාලිකා නිවාසය මූලික කරගනිමින් ශ‍්‍රමදාන ව්‍යාපාරයක්ද සියක් නමක් සංගරත්නය උදෙසා දානමය පිංකමක්ද සංවිධානය කරණ ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.