ජපානයෙන් ගුවන් හමුදාවට ඉනිමග සහිත ගිනි නිවන රථයක් ප‍්‍රදානය කෙරේ

ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවීමේ රථ දෙකක්  ප‍්‍රදානය කිරීම 2018 නෙවැම්බර් මස 12 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී. මෙහිදී ප‍්‍රදානය කරනු ලබන රථයන්හි ලියකියවිලි ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හට භාරදීම සිදු කරන ලදී.

මෙවර 5 වසර ශිෂ්‍යත්වයෙන් විශිෂ්ඨ ලෙස සමත්වූ රත්නපුර  ගංගුලිපිටිය විද්‍යාලයේ ඩිල්ෂාන් මධුශංක හා චන්චලා අබේසිංහ යන් සිසුන් දෙපල හට ශිෂ්‍යත්වයක් ප‍්‍රධානය කිරීමද මෙහිදී සිදුකෙරුනු අතර සංචාරක ජපාන නියෝජිත පිරිස විසින් ඇස් කණ්නාඩි 300 ක්  සේවා වනිතා ඒකකෙය් සභාපතිනිය වන අනෝමා ජයම්පති මහත්මිය වෙත ප‍්‍රදානය කරන ලදී.

ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී ඉතා අලංකාරවත් සංස්කෘතික සංදර්ශනයක් පැවත්වන ලදී. එරංගා තිලකරත්න මහත්මිය සංචාරක කණ්ඩායමේ ප‍්‍රධානිය ලෙස කටයුතු කරන ලද අතර ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මන්ඩලය,  නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.