රත්මලාන කදවුරේ අංක 2 විනෝද කටයුතු පිලිබද පක්‍ෂාංගය සිය 5 වන සංවත්සරය සමරයි

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 2 විනෝද කටයුතු පිළිබද පක්‍ෂාංගය රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාව සිය 5 වන දින සංවත්සර දින සැමරුම එහි අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ආර් උඩුකුඹුර නිළධාරීගේ ප‍්‍රධානත්වයෙන් 2018 නොවැම්බර් මස 12 වන සමරනු ලැබීය.  

මීට සමගාමීව 2018 නොවැම්බර් මස 09 හා 10 යන දිනයන්හිදී යසොරාපුර ළමා නිවාසය මූලික කරගනිමින් ශ‍්‍රමදාන වැඩසටහනක්ද දරුවන් වෙනුවෙන් අත්‍යවශ ද‍්‍රව්‍ය ප‍්‍රධානයක්ද සිදුකරන ලදී. නෙවැම්බර් මස 11 වන දින සර්ව රාති‍්‍රක පිරිත් සජ්ජායනයක්  පවත්වන ලදී.  2018 නොවැම්බර් මස 12 වන දින උත්සව ශාලා පරිශ‍්‍රයේදී යහපත් ආකල්ප යනමැයින් අමල් නානායක්කාර මහතා විසින් පැවැත්වූ දේශනයක්ද මෙහිදී සිදුකරන ලදී.

සංවත්සර දිනය සමරමින් පක්‍ෂාංගයේ සියළුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපන වැඩසටහනක් සංවිධානය කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.