සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ පස්වන පාඨමාලාව අවසන් වෙයි

සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන්  සම්පූර්ණ කිරීමේ පාඨමාලාව අවසාන කිරීමේ උත්සවය 2018 නොවැම්බර් මස 10 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් හෙලිටුවර්ස් පුහුණුවීම් මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.

මෙම පාඨමාලාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන අතර සති අන්ත 08 ක් පුරා සමාජ සදාචාරය, සන්නිවේදන කලාව, රූපලාවන්‍ය ශිල්පය, පෝෂණය සහ පෞද්ගලික ස්වස්ථතාව,  නැටුම්, ඉවුම් පිහුම් ක‍්‍රම හා ඇදුම් මැසීම ආදි අංශ ගණනාවක් ආවරණය කරණු ලබමින් විෂයයන් 07 ක් යටතේ පාඨමාලාව පවත්වනු ලැබේ.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූවාය. එහිදී එතුමිය විසින් පාඨමාලාව හැදෑරූ සිසුවියන්ට සහ උපදේශකයින් හට සහතික පත් සහ ත්‍යාග ප‍්‍රදානය කිරීම සිදු කරන ලදී.

මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු හා සේවයෙන් විශ‍්‍රාම ගන්නා ලද සේවා පුද්ගලයන්ගේ පාසල් අධ්‍යාපනය අවසන් කල සිසුවියන්  සහ ගුවන් කාන්තාවන් 16 දෙනෙකුගෙන් සමන්විතව 21 දෙනෙකු විසින් පාඨමාලාව අවසන් කර සහතික පත් ලබා ගන්නා ලදී.

ගුවන් හමුදා  සුභ සාධක අධ්‍යක්‍ෂක තුමිය සහ ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී තුමන්, නිළධාරීන්, සෙසු නිළයන් සහ සිසුවියන් මෙම අවස්වට සහභාගී වූහ.

මේ සඳහා ගුවන් හමුදා සේවයේ නියුතු සහ සේවයෙන් විශ‍්‍රාම ගන්නා ලද සේවා පුද්ගලයන්ගේ අ පො ස සාමාන්‍ය පෙළ විභාගය සහ අ පො ස උසස් පෙළ විභාගයන් සම්පූර්ණ කළ දුවණියන් හට අයදුම් කල හැකි අතර සේවා පුද්ගලයින්ගේ නව විවාහක බිරින්දෑවරුන්, නිළධාරිණියන්, ගුවන් කාන්තාවන් හා ගාස්තුවකට යටත්ව  සිවිල් කාන්තාවන් සීමිත ගණනකට අයදුම් කළ හැකිවේ.

වැඩි විස්තර සඳහා අමතන්න

ගෲප් කැප්ටන් එම්ජේආර් පෙරේරා 0772229117
ගෲප් කැප්ටන් ජීඑච්පී නානායක්කාර 0714163633 / 0772291833
විංග් කමාන්ඩර් එම්සී ගමගේ 0772229283


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.