ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පසුගිය නොවැම්බර් මස 14 වන දින සිය පරීක්‍ෂණයට භාජනය කරන ලදී.

කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජීජීඩබ්ටීකේ ගුණවර්ධන මහතා විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී. මෙහිදී උත්තමාචාර පෙළපාලියක් මගින් ගුවන් හමුදාධිපතිතුමන් වෙත උත්තමාචාර පුදකරන ලද අතර ප‍්‍රධාන බලලත් නිළධාරීන් 1, බලලත් නිළධාරීන් 8, ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 16 ක්, කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 10 ක් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 10 දෙනෙකු හට ඔවුන් දක්වන ලද විශිෂ්ඨ කාර්ය භාරය වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කෙරිණි.

ගුවන් හමුදාධිපතිතුමන් ගුවන් හමුදා මූලස්ථානයේ සියළුම් අධ්‍යක්‍ෂකයන් ඇතුළු සියළුම අංශයන් සිය පරීක්‍ෂණයට ලක්කරන ලද අතර මූලස්ථානය පරීක්‍ෂනයෙන් අනතුරුව නව ආරක්‍ෂක ලේකම්තුමන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර එම සංචාරය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් ගුවන්පුර ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රය වෙත සිය පරීක්‍සණය සඳහා පිටත්ව යන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.