අංක 58 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවය

අංක 58 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවය 2018 නොවැම්බර් මස 16 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ශ‍්‍රවණාගාර ශාලාවේදී පැවැත්විණි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලිව් එම් කේ එස් පී වීරසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. මීට අමතරව ශී‍්‍ර ලංකා යුධ හමුදාවේශී‍්‍ර ලංකා නාවික හමුදාවේ, නිළධාරීන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ නිළධාරීන් හා ශී‍්‍ර ලංකා පොලිසියේ නිළධාරීන් පිරිසක්ද සහභාගීවී සිටියහ.
 
මෙම පාඨමාලාව සති 14 ක් පුරාවට පැවැත්වුනු අතර බළඝණයේ නායක නිළයේ සහ බලපන්ති ලුතිනන් නිළයේ නිලධාරීන් 31 දෙනෙකු සහභාගී වියග ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ නිළධාරීන් 22 ක් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ මේජර් හා කැප්ටන් නිළයේ නිළධාරීන් 02 ක්ල ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ලුතිනන් නිළයේ නිළධාරීන් 02 සහ බංග්ලාදේශ ගුවන් හමුදාවේ, නේපාල් යුද හමුදාවේ, පාකිස්තානු ගුවන් හමුදාවේ, ඉන්දියන් ගුවන් හමුදාවේ හා ඇමරිකානු ගුවන් හමුදාවේ නිළධාරියෙකු බැගින් මෙම පාඨමාලාව සදහා සහභාගී වී සිටියහ.

කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අනුමත කර ඇති අතර අවශ්‍ය සුදුසුකම් සපුරාලන නිළධාරීන් හට ආරක්ෂක කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ලබා දීමට නියමිතය.

උපාධි ප‍්‍රදානෝත්සවයේදී විශේෂ සම්මාන ලබාගත් නිලධාරීන්ගේ නාම ලේඛණය ඉංගී‍්‍රසි පරිවර්ථනයේ බලන්න.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.