ලෝඩ් මාස්ටර් හා පියාසර ඉංජිනේරු පාඨමාලාවන් සදහා නිළ ලාංජන පැලදවීම

ලෝඩ් මාස්ටර් හා පියාසර ඉංජිනේරු පාඨමාලාවන් හැදෑරූවන් සදහා නිළ ලාංජන පැළදවීමක්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් නොවැම්බර් මස 23 දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී සී 130 ගුවන් යානාවන්හි පැය 50 ක පුහුණු කාලයක් සම්පූර්ණ කල ස්කොඩ්රන් ලීඩර් ජී ඩී පී පේ‍්‍රමදාස පියාසර ඉංජිනේරු ලාංජනය ලබාගත් අතර එම් අයි 17 හෙලිකොප්ටර් භාවිතයෙන්  තම ලෝඩ් මාස්ට පාඨමාලාව නිමකල ස්කොඩ්රන් ලීඩර් අයි ඒ කේ ඩී පී ඉලංගකෝන් ද මෙහිදි නිළ ලාංචන ලබාගන්නා ලදී.

තවද ගුවන් හමුදා කොළඹ කදවුරේ සැරයන් සෙනෙවිරත්න බන්ඩා කේ කේ ආර් කොළඹ කදවුර වෙනුවෙන් කළ සේවය ඇගයීම වස් මෙහිදී ගුවන් හමුදාධිපති තුමන්ගේ ඇගයීමට ලක්කෙරිණි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.