අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය 23 වන සංවත්සරය සමරයි

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය 23 වන සංවත්සරය 2018 නොවැම්බර් මස 24 වන දින සමරන ලදී.

සංවත්සර දින වැඩසටහන් මාලාව ආරම්භ කරමින් සංවත්සර දින පෙළපාලිය බලඝණ පරිශ‍්‍රයේදී අංක 09  හෙලිකොප්ටර් බලඝණය සිය මියගිය රණවිරුවන් අනුස්මරණය කරමින් එම්අයි 24 ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමින් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේ එම් එස් පී බී කුලතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී බලඝණයෙහි සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් උදෑසන ආහාරය ද එල්ලේ තරගාවලියක්ද පවත්වන ලදී.

ගෲප් කැප්ටන් ඩබ්ලිව් එල් එම් ජේ පී රොඩ්රිගු මහතාගේ විසින් ආරම්භ කරන ලද ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය  මාතෘ භුමිය මුදාගැනීමේ උදාර කාර්ය බාරයට ඉමහත් දායකත්වයක් දක්වන ලදී.

අංක 9 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය, රුසියාවේ නිෂ්පාදිත  එම් අයි -24 හින්ඩ් හෙලිකොප්ටර් සහ එම් අයි 17 හෙලිකොප්ටර්වලින් සමන්විත වේ. මෙම හෙලිකොප්ටර්යානා ආරක්ෂක කටයුතු වලදී යුධ හා නාවුක හමුදාවන්ට ඉමහත් දායකත්වයක් ලබාදේ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.