හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර සිය 40 වන සංවත්සරය සමරයි

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර සිය 40 වන සංවත්සරය කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වීබී එදිරිසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ 2018 නොවැම්බර් මස 23 වන දින සමරණ ලදී.


සංවත්සර දින සැමරුමට සමගාමීව කඳවුරු නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් වැඩ සටහන් කිහිපයක්ම දියත් කරන ලදී.

2018 නොවැම්බර් මස 21 වන දින ලේ දන් දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ධර්ම දේශනාවක් 2018 නොවැම්බර් මස 22 වන දින 09 වන බලඝණ පරිශ‍්‍රයේදී පවත්වන ලදී.

2018 නොවැම්බර් මස 23 වන දින පැළ සිටුවීමේ වැඩසටහනක් පවත්වන ලදී.

සංවත්සර දින සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් ක‍්‍රිකට් තරඟාවළියක් සහ දැල්පන්දු තරඟාවළියක්ද පවත්වන ලද අතර සියළු නිළයන්ගේ දිවා භෝජන සංග‍්‍රහයකින් වැඩසටහන අවසන් විය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.