බංගලාදේශ ආරක‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

සාමාජිකයින් 26 දෙනෙකුගෙන් සමන්විත බංගලාදේශ ආරක‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ නියෝජිතයන් පිරිසක් පසුගිය 2018 නොවැම්බර් මස 26 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

 බංගලාදේශ හමුදා නියෝජිතයින් 25 දෙනෙකු සහ නේපාල හමුදා නිළධාරියෙකුගෙන් යුත් මෙම නියෝජිත පිරිසේ ප‍්‍රධානියා ලෙස කැප්ටන් අබ්දුල්ලා-අල්-මක්සූස් මහතා කටයුතු කරන ලද අතර මෙම සංචාරය ඔවුන්ගේ පාඨමාලාවේ විදේශ අධ්‍යයන චාරිකාව වෙයි.

මෙහිදී නියෝජිත පිරිසේ ප‍්‍රධානී කැප්ටන් අබ්දුල්ලා-අල්-මක්සූස් මහතා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවූ අතර එම හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරන ලදී.

 ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂකයේ මාණ්ඩලික නිළධාරී 1 ගෲප් කැප්ටන් තුෂාර වීරරත්න විසින් ගුවන් හමුදා ඉතිහාසය, සංවිධානය, ගුවන් බලයේ විකාශනය සහ ගුවන් හමුදාවේ ඉදිරි දැක්ම පිළිබඳව දේශනයක් ඉදිරිපත් කරන ලදී. ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් මොහාන් ද සොයිසා, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩල සාමාජිකයින් සහ ජ්‍යේෂ්ඨ නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.