ගුවන් හමුදාධිපතිතුමන් 'ත‍්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන්ගේ වෘත්තීමය කාර්යභාරය' සම්මන්ත‍්‍රණයට සහභාගී වෙයි

2018 නොවැම්බර් මස 26 වන දින අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් උත්සව සහ සම්මන්ත‍්‍රණ ශාලාවේදී 2000 කට අධික ති‍්‍රවිධ හමුදා බලලත් නිළධාරීන් සහ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් ගේ සහභාගීත්වයෙන් ”ත‍්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන්ගේ වෘත්තීමය කාර්යභාරය” සම්මන්ත‍්‍රණය පවත්වන ලදී.

දේශයේ ආරක්‍ෂාව උදෙසා නිරතුරුවම සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන කටයුතු කරනු ලබන ත‍්‍රිවිධ හමුදාවන්හි සාමාජිකයින් වශයෙන් ඔවුන් සිය වෘත්තීමය කාර්යභාරය වැඩිදියුණු කරගැනීම උදෙසා මෙම එක්දින වැඩමුළුවට සහභාගී වූහ. එහිදී  තම වෘත්තිය තුළ ඔවුන්ගේ කාර්යයන්, වගකීම්, අන්තර් සබඳතා, ධාරිතාව, නායකත්ව කුසලතා, වෘත්තීය හැසිරීම් සහ වග වීමේ ගැටළු ආදියෙහි කාර්ය සාධනය වැඩිදියුණු කිරීම පිළිබඳව දැනුම ලබා ගන්නා ලදී.

සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවින්ද‍්‍ර විජේගුණරත්න, යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන්ද සහභාගී වූහ.

සහභාගී වූ සියළුම ති‍්‍රවිධ හමුදා සාමාජික සාමාජිකාවන්ට සහතික පත් ප‍්‍රදානය කිරීමක්ද සිදු කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.