ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ක්‍රිකට් තරඟාවලිය 2018

ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය 2018 නොවැම්බර් මස 26  දින කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී නිමාවට පත්විය. එහිදී ගුවන් හමුදා කොළඹ කඳවුර  පිරිමි හා කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

පිරිමි අවසන් තරඟයේදී ගුවන් හමුදා  කොළඹ කඳවුර  කණ්ඩායම පන්දුවාර 19 පන්දු 02 කදී සියලු දෙනා දැවී ලකුණු 166 ක ඉලක්කයක් ගුවන් හමුදා රත්මලාන කඳවුරු කණ්ඩායමට ලබාදුන් අතර ඔවුන්  පන්දුවාර 19 පන්දු 03 කදී  සියළු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 150ක් පමණි.

කාන්තා අවසන් තරගයේදී ගුවන් කොළඹ කඳවුරු කණ්ඩායම  ලකුණු 90 ක ඉලක්කයක් ගුවන් හමුදා ඒකල කණ්ඩායමට ලබාදුන් අතර ඔවුන්හට හැකිවූයේ  කඩුලු 3ක් දැවී ලකුණු 54 ක් ලබා ගැනීමට පමණි. එ් අනුව ගුවන් හමුදා කොළඹ කඳවුරු කණ්ඩායම කාන්තා ශූරතාවය හිමි කර ගන්නා ලදී.

මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ගුවන් හමුදා මෙහෙයුම් භූමි අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ එෆ් ආර් ප‍්‍රනාන්දු මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා ක්‍රිකට් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් ආර් එස් බියන්විල  ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.