අන්තර් ඒකක එල්ලේ තරඟාවළිය 2018

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද අන්තර් ඒකක එල්ලේ තරඟාවළිය පසුගිය 2018 දෙසැම්බර් මස 04 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී නිමාවට පත්විය. එහි සමස්ථ කාන්තා පිරිමි ශූරතා දිවිත්වයම ලබාගැනීමට කටුනායක ගුවන් හමුදා කඳවුර සමත්කම් දක්වන ලදී.

රත්මලාන ගුවන් හමුදා කඳවුර සහ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන්  දිනාගන්නා ලදී.

කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායෝ ප‍්‍රදාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා එල්ලේ සංචිත සභාපති එයාර් කොමඩෝර් ආර්එච්කේපී රණසිංහ, නිළධාරීන්, සෙසු නිළයන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.