එක්සත් ජාතීන්ගේ අයවැය පාලක කාර්යාලයේ නියෝජිතයින් දකුණු සුඩානයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සංචාරයක

එක්සත් ජාතීන්ගේ අයවැය පාලක කාර්යාලයේ නියෝජිත පිරිසක් පසුගිය 2018 දෙසැම්බර් මස 04 වන දින දකුණු සුඩානයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සංචාරයක නිරත වූහ. මෙම නිව්යෝර්ක් නගරයේ නියෝජත මණ්ඩලයට එක්සත් ජාතීන්ගේ අයවැය පාලක කාර්යාලයේ අධ්‍යක්‍ෂිකා මාරියා කොස්තා මහත්මිය සමගින් සහය මෙහෙයුම් අධ්‍යක්‍ෂිකා ස්ටෙෆානි ෂිර් මහත්මිය, සැබපයුම් කළමණාකරණ ජාලයේ ප‍්‍රධානී, සහය මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, අයවැය සහ මූල්‍ය ප‍්‍රධානී, ඉංජිනේරු ප‍්‍රධානී, ප‍්‍රධාන වෛද්‍ය නිළධාරී, ක්ෂේත‍්‍ර කාර්යාල ප‍්‍රධානී සහ ක්ෂේත‍්‍ර පරිපාලන නිළධාරී මහත්ම මහත්මීන් ඇතුළත් වූහ.

බලඝණ අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් දමිත් සමරවීර නියෝජිත මණ්ලය පිළගත්නා ලදී.අනතුරුව බලඝණ නිළධාරී නිවස්නයේදී බලඝණයේ කාර්ය භාරය පිළිබඳව දැනුම්වත් කිරීමක් සිදු කරන ලදී.

අනතුරුව දිවාභෝජන සංග‍්‍රහයක්ද නියෝජිත මණ්ඩලය වෙත පිළිගන්වන ලද අතර හමුව සිහිපත් වීම පිණිස සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී. දෙපාර්ශවයේ සමූහ ඡුායාරූපයක්ද ලබාගන්නා ලදී. මෙහිදී සහාය මෙහෙයුම් අධ්‍යක්‍ෂිකා සටෙෆානි ෂීර් මහත්මිය විසින් බලඝණයේ සියළුම සාමාජිකයින් වෙත සිය සුභාශිංසන පිරිනමන ලදී. මෙම සංචාරය ඇයගේ සේවයෙන් විශ‍්‍රාම යාමට පෙර කරනු ලබන අවසන් සංචාරයද වෙයි. මෙවසරේ දෙසැම්බර් මස අවසානයේ ඇය සේවයෙන් විශ‍්‍රාම යාමට නියමිත වේ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.