අන්තර් ඒකක වොලිබෝල් තරඟාවළිය 2018

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක වොලිබෝල් තරඟාවළිය පසුගිය 2018 දෙසැම්බර් මස 06 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ත ක‍්‍රීඩාගාරයේදී නිමාවට පත්විය. එහිදී ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සහ චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනාගන්නා ලදී.

කොළඹ ගුවන් හමුදා කඳවුර සහ වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ඩී රත්නායක ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා වොලිබෝල් සංචිත සභාපති එයාර් කොමඩෝර් ආර්එන් තිලකසිංහ, නිළධාරීන් සෙසු නිළයන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.