කටුනායක ගුවන් හමුදා කඳවුර 2018 අන්තර් ඒකක ගෝල්ෆ් ශූරතාවය දිනයි

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු ගොල්ෆ් ක‍්‍රිඩාංගනයේදී පසුගිය 2018 දෙසැම්බර් මස 07 වන දින පැවති 2018 අන්තර් ඒකක ගෝල්ෆ් තරඟාවළියේ ශූරතාවය කටුනායක ගුවන් හමුදා කඳවුර විසින් දිනාගැනීමට සමත්කම් දක්වන ලදී.

චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය එහි අනුශූරතාවය දිනාගනුලැබූ අතර අනුරාධපුර ගුවන් හමුදා කඳවුර තුන්වන ස්ථානයට හිමිකම් කියන ලදී.

මෙම තරඟාවළිය, විවෘත තරඟාවළිය සහ අවු. 45 වැඩි විවෘත තරඟාවළිය වශයෙන් අංශ දෙකක් යටතේ පවත්වන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා ගෝල්ෆ් සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එස්කේ පතිරණ, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩල සාමාජිකයින්, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සමස්ථ තරඟ ප‍්‍රථිපල :

දීර්ඝතම පහර
නායක ගුවන් භට හෙට්ටිගේ එච්සීපී  -  කටුනායක ගුවන් හමුදා කඳවුර

ගෝල්ෆ් සිදුරට ආසන්නතම පහර
ස්කොඩ්රන් ලීඩර් ඩබ්එම්ටීජීපීඑස් විජේකෝන්  -  කටුනායක ගුවන් හමුදා කඳවුර


අවුරුදු 45 ට වැඩි
තුන්වන ස්ථානය  -  ගෘාප් කැප්ටන් එච්ඩබ්එම්යූ විජේසිංහ - කොළඹ ගුවන් හමුදා කඳවුර
අනුශූරතාවය - එයාර් වයිස් මාර්ෂල් එච්එම්එස්කේබී කොටකදෙණිය  -  කොළඹ ගුවන් හමුදා කඳවුර
ශූරතාවය  -  විංග් කමාන්ඩර් ජීජී රූබසිංහ  - ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල


විවෘත තරඟය
තුන්වන ස්ථානය  -  ස්කොඩ්රන් ලීඩර් ඩබ්එම්ටීජීපීඑස් විජේකෝන්  -  කටුනායක ගුවන් හමුදා කඳවුර
අනුශූරතාවය - නායක ගුවන් භට ලක්මාල් පීවයිඑල්  -  චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය
ශූරතාවය  -  නායක ගුවන් භට හෙට්ටිගේ එච්සීපී  -  කටුනායක ගුවන් හමුදා කඳවුර

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.