”ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකයේ පිය සටහන්” ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂකයේ අතීත මාධ්‍ය ප‍්‍රධානීන් හා මාණ්ඩලික නිළධාරින් ඇගයීමට ලක් කෙරේ.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකය විසින් එහි සේවය කරන ලද මාධ්‍ය ප‍්‍රධානීන් හා මාණ්ඩලික නිළධාරින් ඇගයිමේ උත්සවයක් පසුගිය දෙසැම්බර් මස 08 වන දින සන්ධ්‍යාවේදී ගුවන් හමුදා මුලස්ථානයේ මාධ්‍ය අධ්‍යක්ෂක පරිශ‍්‍රයේ පැවැත්විණි.

මෙම උත්සවය වර්ථමාන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ආශිර්වාදයෙන් වර්ථමාන මාධ්‍ය අධ්‍යක්ෂක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න නිළධාරිතුමාගේ උපදෙස් මත ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකයේ සාමාජිකයින් විසින් සංවිධානය කර තබිණි.

මේ සඳහා ගුවන් හමුදාවේ ප‍්‍රථම විධායක මාධ්‍ය නිළධාරි වූ එයාර් කොමඩොර් ජනක නානයක්කාර (විශ‍්‍රාමික), හිටපු විධායක මාධ්‍ය නිළධාරින් වන වර්ථමාන සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසුරිය, ගෲප් කැප්ටන් චන්දිම අල්විස් යන නිලධාරීවරුන්ද හිටපු මාණ්ඩලික නිලධාරින් වන විංග් කමාන්ඩර් දමින්ද්‍ර ජයවීර, ස්කොඩ්රන් ලීඩර් ප‍්‍රදීප් මැද්දෙගොඩ හා ස්කොඩ්රන් ලීඩර් සුමිත් ප‍්‍රියංකර යන නිළධාරිවරුන්ද සහභාගි වූහ.

තවද, ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකයේ ප‍්‍රගමනය උදෙසා සුවිශේෂි දායකත්වයක්
දැක්වු අයවැය අධ්‍යක්ෂක එයාර් කොමඩොර් පාලින්ද කොස්වත්ත නිළධාරිතුමන් හා සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් මුදිත මහවත්තගේ නිළධාරිතුමන් වෙත කෘතගුණ දැක්වීමද මෙහිදි සිදුවිය.

සියලූම නිළධාරින් මාධ්‍ය අධ්‍යක්ෂක පරිශ‍්‍රය වෙත කැදවා ඔවුන්ගේ පැරණි මතකයන් අලූත්කර ගැනිමට අවස්ථාව සැලසු අතර ඉන්පසු නව අධ්‍යක්ෂකයක් ලෙස එහි ඉදිරි ගමන හා නව සැලසුම් පිළිබදව පැහැදිලි කිරීමක් වර්ථමාන මාධ්‍ය අධ්‍යක්‍ෂක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා විසින් සිදුකරන ලදී.

ඉන්පසු මෙම අවස්ථාව සිහිගැන්වීම උදෙසා සමරු තිළිණ හා සහතිකපත් ප‍්‍රදානය කල අතර අතීත හා වර්ථමාන සියළු සාමාජිකයන් සමග පැවති සුහද හමුවකින් ”ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකයේ පිය සටහන්” වැඩසටහන නිමාවට පත්විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.