ගුවන් කාන්තාවන් පැරෂුට් ඉතිහාසය වෙනස් කරයි....

දකුණු ආසියාවේ පැරෂුට් ඉතිහාසයේ කාන්තාවක් රාත්‍රී කාලයේ ගුවනේ සිට පැරෂුට්
ආධාරයෙන් නිදහසේ පනිමින් නව වාර්තාවක් තැබීමට කෝප්‍රල් හේවාගම සහ සහ ගුවන් කාන්තා රණසිංහ පසුගිය (19) දින රාත්‍රී අම්පාර කඳවුරේදී සමත්විය.

පස් වන මුලික නිදහස් ආර පැරෂුට් පුහුණු පාඨමාලාවේ එක් කොටසකදී මෙම නිදහස් ආර පිම්ම පැනීමට මෙම ගුවන් කාන්තාවන් දෙදෙනාට හැකිවිය.

අති දක්ෂ පැරෂුට් පනින්නියක ලෙස නමක් දිනා සිටින නායක ගුවන් කාන්තා රණසිංහ පසුගිය ජුලි මාසයේ දකුණු ආසියාවේ පැරෂුට් පිමි 200ක් සම්පුර්ණ කරගත් එකම කාන්තාව ලෙසට වාර්තාවක් තබන ලදී.

මොවුන්ගේ විශිෂ්ඨ දක්ෂතාවයන් වෙනුවෙන් මග පෙන්වා දෙන පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් හරිස්චන්ද්‍ර හේරත් තවත් ඔහුගේ දක්ෂතාවයේ කඩඉමක් පසු කරමින් රාත්‍රී කාලයේ නිදහස් ආර පැරෂුට් පිමි 50ක් සම්පුර්ණ කිරීමට සමත් විය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.