ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායම නොකඩවා තුන්වෙනි වරටත් ටයිකොන්ඩෝ ශූරතාවය දිනාගැනීමට සමත්කම් දක්වන ලදී

ගුවන් හමුදා පිරිමි සහ කාන්තා ටයිකොන්ඩෝ කණ්ඩායම නොකඩවා තුන්වෙනි වතාවටත් ජාතික ටයිකොන්ඩෝ ශූරතාවය දිනාගැනීමට සමත්කම් දක්වන ලදී. තරඟාවළිය 2018 දෙසැම්බර් මස 07 වෙනි දින සිට 09 වෙනිදා දක්වා කොළඹ ක‍්‍රිඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ පැවැත්විණි.

මෙහිදී ගුවන් හමුදා කණ්ඩායම රන් පදක්කම් 09ක්, රිදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනාගත් අතර නායක ගුවන් කාන්තා රණසිංහ ආර්ඒඑස්පී දක්‍ෂතම ටයිකොන්ඩෝ ක‍්‍රිඩිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා ටයිකොන්ඩෝ සංචිතය 2011 වසරේ එහි පළමු සභාපති වූ එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. එයාර් වයිස් මාර්ෂල් රුචිර සමරසිංහ මහතා ගුවන් හමුදා ටයිකොන්ඩෝ සංචිතයේ වර්තමාන සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.