සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය

සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලීය අංක 12 පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018 දෙසැම්බර් මස 12 වන දින පෙරවරුවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසල් ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී යුධ හමුදාවේ නිළධාරීන් 68 දෙනෙකු, නාවික හමුදාවේ 27 දෙනෙකු, ගුවන් හමුදාවේ 27 දෙනෙකු සහ විදේශීය නිලධාරීන් 14 දෙනෙකු සමන්විතව 136 දෙනෙකු වසරක පමණ කාළයක් වූ පාඨමාලාව හැදෑරීම වෙනුවෙන් උපාධි ප‍්‍රදානය කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර් ඩබ්ලිව් ජී බී ජී විජේසිංහ හා ස්කොඩ්රන් ලීඩර්  ඩී එල් ඒ මානගේ  පිඨාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.  ගුවන් පක්‍ෂාංගයේ සෑම අතින්ම දකක්‍ෂතම ශිෂ්‍ය නිළධාරියා හට පිරිනැමෙන රන් කුසලානය දිනා ගැනීමට ස්කොඩ්රන් ලීඩර් ඩබ්ලිව් ජී බී ජී වනසිංහ සමත්කම් දක්වන ලදී.

 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්‍ද‍්‍ර විජේගුණරත්න යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ආරක්‍සක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අධක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ත‍්‍රිවිධ හමුදා නිලධාරීන්  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහග.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.