ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර ගැප්ලින් තරඟාවලිය නියෝජනය කල ගුවන් හමුදා ක‍්‍රීඩකයින් දස්කම් අතර

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා යුනිෆයිට් කී‍්‍රඩකයින් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මෙවර දෙවන වරට ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර ගැප්ලින් තරඟාවලිය නියෝජනය කරමින් සිය සුපුරුදු දස්කම් අතරට එක්විය. එහිදී නායක ගුවන් භට සෙනෙවිරත්න හා නායක ගුවන් භට ලක්මාල් කිලෝග‍්‍රෑම් 92 හා 66 බර පංති යටතේ තරඟවදිමින් තුන්වන හා හතරවන ස්ථානයන් දිනාගැනීමට සමත්විය.

රටවල් 06 ක ක‍්‍රීඩකයින් විශාල පිරිසක් සහභාගීවූ මෙම තරඟාවලිය දෙසැම්බර් 04 සිට 10 දක්වා ඉන්දියාවේ නවදිල්ලි හිදී පැවැත්විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.