ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බීච් වොලිබෝල් යුගලය දස්කම් දක්වයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප‍්‍රල් පුබුදු ඒකනායක සහ කෝප‍්‍රල් අසංක ප‍්‍රදීප් ක්ෂියෑං ආසියානු විවෘත බීච් වොලිබෝල් ශූරතාවළියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්කම් දක්වන ලදී. මෙම තරඟාවළිය පසුගිය ඔක්තෝබර් මස 14 සිට 17 දක්වා චීනයේදි පැවැත්විණි.

ආසියානු බීච් වොලිබෝල් සම්මේලනය මගින් සංවිධානය කරන ලද මෙම තරඟාවළිය සඳහා ආසියානු මහාද්වීපයේ බීච් වොලිබෝල් ක‍්‍රීඩාවේ නිරත වන සෑම රටක්ම සහභාගී වන ලදී. මෙම තරඟාවළියේදී මෙම ක‍්‍රීඩකයින් යුගලය දක්වන ලද දක්‍ෂතාවයන් හේතුවෙන් ලබන නොවැම්බර් මස 12 වන දින සිට 17 වන දින දක්වා චීනයේදී පැවැත්වෙන ආසියානු ක‍්‍රීඩා තරඟාවළිය සඳහා සහභාගී වීමට සුදුසුකම් ලබා
ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් ඊට ප‍්‍රථම ඔක්තෝබර් මස 20 වන දින සිට 24 වන දින දක්වා චීනයේ
හයිකූ හිදී පැවැත්වෙන ආසියානු බීච් වොලිබෝල් ශූරතාවළිය සඳහා මොවුන් දෙපල
සහභාගී වීමට නියමිතය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.